කොංගෝවට ඉබෝලා වසංගතයක්

නොවැ 11, 2018
    ඉබෝලා වසංගතයෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයන් 200කට අධික පිරිසක් මියගොස් තිබේ.
    ඉන් හරි අඩක් වාර්තා වී ඇත්තේ බෙනී නගරයෙන්. ඉබෝලා වසංගතය කොංගෝ රාජ්‍ය පුරා යළිත් සීග්‍රයෙන් පැතිරගොස් තිබේ. ඉකුත් ජුලි මස සිට රෝගීන් 300කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත. ඉන් 201 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
     
    1976න් අනතුරුව ඉබෝලා වසංගතය පැතිර ගිය 10 වැනි රට කොංගෝවයි. 25,000 කට පමණ පිරිසකට එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. සන්නද්ධ කණ්ඩායම් වෛද්‍ය අංශවලට බලපෑම් කරන බව කොංගෝ සෞඛ්‍ය අමාත්‍යවරයා චෝදනා කරන්නේ.  ඉකුත් සැප්තැම්බර් මසදී බෙනී නගරයේ දී එන්නත් කරණය තාවකාලිකව අත්හිටුවා ඇත්තේ කැරළි කණ්ඩායමකින් එල්ල වූ ප්‍රහාරයකින් පසුවයි.  
     
     
     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238
     
    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 18:39

    Latest News