ජුලියන් අසාන්ජ් අමෙරිකාවට පිටුවහල් කරයිද?

ජන 04, 2021

    විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අමෙරිකාවට පිටුවහල් කරන්නේද යන්න විමසා බැලීමේ නඩු වාරය අදට යෙදී තිබේ.

    අමෙරිකානු ආරක්ෂක අංශයේ රහස් හෙළි කිරීම හා ඒ පිළිබඳ ඔත්තු බැලීමේ චෝදනා මතයි, ඔහු බ්‍රිතාන්‍යයේ බන්ධනාගාර ගතව සිටින්නේ.

    49 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන ජුලියන් 2010 දී අමෙරිකාවේ රහස් තොරතුරු අන්තර්ජාලයෙන් ලබා ගෙන තිබිණ.

    එමගින් ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ යුද්ධයේ රහසිගත මෙහෙයුම් පිළිබඳ දර්ශන ඔහු සමාජගත කර තිබේ.

    අමෙරිකානු රජය වරදකරුවෙක් ලෙස නම්කර සිටින ජුලියන් පසුව බ්‍රිතාන්‍යයේ දී අත්අඩංගුවට පත්විය.

    ඔහු නැවත වරදකරුවෙක් ලෙස අමෙරිකාවට බාර දීමේ තීන්දුව අද ලබා දීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    Latest News