ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට

මැයි 22, 2019

    ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට නියමිතයි.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශිෂ්ට ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තු තබා සිටිනබව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමඟ ඊයේ විශේෂ සාකච්ජාවකට එක්විය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, මැතිවරණය සඳහා විවිධාකාරයෙන් සහය දැක්වූවන්ට කෘතඥතාව පළ කරන බවයි. පූර්ව ජනමත විමසුම් ප්‍රතිඵල සඳහන් කරන්නේ, අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පැහැදිලි ජයක් අත්කර ගන්නා බවයි.

    කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි කියා සිටින්නේ, මැතිවරණ අනාවැකි පිළිගත නොහැකි බවයි. ඒවා ප්‍රචාරක සටනක කොටස් බවයි ගාන්ධි කියා සිටින්නේ. කොංග්‍රසයේ ජයග්‍රහණය කෙරෙහි විශ්වාසය තබන්නැයි රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මේ අතර, පක්‍ෂ 22ක් එක්ව මැතිවරණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ, ඡන්දය ප්‍රකාශ කරන යන්ත්‍ර වංචාසහගතව වෙනස් කර ඇති බවට සැකයක් ඇතැයි ප්‍රකාශ කරමින්. මැතිවරණ කොමිසම එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරනවා. අනෙකුත් මැතිවරණවලදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙතම මෙවර ගෙන යන බව එම කොමිසම ප්‍රකාශ කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 07:47

    Latest News