ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ

මැයි 01, 2019

    ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු එරට සිහසුනට පත් ව තිබේ.

    නව අධිරාජයා අද(01) සිට එහි වගකීම සහ රාජකාරි ආරම්භ කරන බව වාර්තා වේ.

    අකිහිතෝ අධිරාජයා ඊයේ(30) නිල වශයෙන් තනතුරෙන් තම ධූරය අතහැරීමෙන් පසු ඔහුගේ පුත් නරුහිතෝ කුමරු එම තනතුරට පත්වී ඇත. 85 හැවිරිදි හිටපු අධිරාජයා ශතවර්ෂය දෙකකට පසු රජකමෙන් ඉවත් වූ ප්‍රථම අධිරාජයා බවට ඊයේ පත් විය. තම වයස සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බවයි අකිහිතෝ අධිරාජයා පවසන්නේ. 59 හැවිරිදි නරුහිතෝ නව අධිරාජයාට පරම්පරාවෙන් උරුම කැඩපතක්, කඩුවක් සහ මාණික්‍යයක් රජකමට පත් වීමත් සමඟම හිමි වී තිබේ. රටේ සහ ලෝකවාසී ජනතාවට ශුභ සිද්ධිය සහ සතුට ප්‍රාර්ථනා කරන බව නව අධිරාජයා ප්‍රකාශ කර සිටියි.

    Latest News