වෙනිසියුලා අර්බුදය

මැයි 01, 2019

    කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකි වීම පිළිබඳ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සිය ආරක්ෂක අංශවලට ස්තූතිය පළකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    වෙනිසියුලාවෙ ඇති වූ කලබලකාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව වාර්තාවේ. ආරක්ෂක හමුදාවන්හි සහය රජයට හිමි වී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    මේ අතර විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝගේ ඉල්ලීම පරිදි දහස් සංඛ්‍යාත පිරිස් අගනුවරට රැස්ව රජයට සිය විරෝධය පළ කර ඇත. කෙසේ වුවද ජනාධිපති නිකොලස් මදුරෝ බලයෙන් ඉවත් කිරීමේ සටන අවසන් අදියරට පැමිණ ඇතැයි විපක්ෂ නායක වරයා පවසයි. ඒ සඳහා තමන්ට සහය වන ලෙස ඔහු ආරක්ෂක හමුදාවෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර ජනපති මධුරෝ කියුබාවට පලායාමට සූදානම් වන බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. කෙසේ වුවද ඊට අදාළ සාධක ඉදිරිපත් කර නැති බව සඳහන් වේ.

    Latest News