ඉපැරණි බුද්ධ ප්‍රතිමා රැක ගැනීමට ඉදිරිපත්වන ඇෆ්ගන් විද්‍යාඥයින්

අප්‍රේ 19, 2019

    ඇෆ්ගනිස්තායේ ඉපැරණි බුද්ධ ප්‍රතිමා යළි ප්‍රතිස්ථාපනය සඳහා වෙහෙසෙන ඇෆ්ගන් ඉස්ලාම් භක්තික විද්‍යාඥයන් පිරිසක් ගැන වාර්තාවේ.

    ඉපැරණි උරුමයන් කිසියම් රටකට ජාතියකට හෝ ජනකොටසකට පමණක් නොව සමස්ත ලෝකයට අයත් වටිනා සම්පත් ලෙසයි සැළකෙන්නේ. එවැනි උරුමයන් සුරැකීම සදහා විවිධ පුද්ගලයන් ඉදිරිපත් වන්නේ කිසිදු ජාති ආගම් හෝ වෙනත් බේදයක් සළකාගෙන නොවෙයි. ඇෆ්ගනිස්ථානයේ තලෙබාන් අන්තවාදීන් විසින් මෙම ඉපැරණි බුද්ධ ප්‍රතිමා විනාශ කළ අතර ඒවා යළි ප්‍රතිස්ථාපනය සඳහා ඇෆ්ගන් ඉස්ලාම් භක්තික විද්‍යාඥයන් පිරිසක් කටයුතු කරන බව වාර්තාවේ.

    කුළුගෙඩි පහර දී විනාශ කරනු ලැබු බුද්ධ ප්‍රතිමාවල කොටස් කාබුල් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. 2001 වසරේදී එවකට ඇෆ්ගනිස්ථානය පාලනය කළ තලේබාන් කල්ලිය මේ පිළිම විනාශ කළේ ඔවුන්ගේ අන්තවාදීත්වය ලොව හමුවේ ප්‍රදර්ශනය කරම සඳහායි.

    පැවති අදුරු යුගය අවසන් වුයේ 2001 වසරේදීම තලේබාන් පාලනය අමෙරිකානු ප්‍රහාරයෙන් වැනසීයාමත් සමගයි. පසුව කාබුල් කෞතුකාගාරයේ ට්‍රන්ක පෙට්ටි 12ක අසුරා තිබු බුදු පිළිම කොටස් පුරා විද්‍යාඥයන්ට හමුවී ඇත.

    ඇෆ්ගනිස්ථානය යනු අතීත සේද මාවතේ ඉපැරණි බෞද්ධ කේන්ද්‍රස්ථානයකි. බෞද්ධ පුරාවස්තු එරට ජාතික උරුමයන් සේ සළකා දරුණු යුද සමයන් හිදි පවා විවිධ සන්නද්ධ පාර්ශවයන් විසින් ආරක්ෂා කරනු ලැබිණි. සමස්ත මධ්‍යම ආසියාවේම ඇති වටිනා බෞද්ධ පුරාවස්තු විශාල ප්‍රමාණයක් කාබුල් කෞතුකාගාරය සතුවේ.

    Latest News