හිටපු ජනපති පබ්ලෝ වසර 3ක් සිරගෙට

අප්‍රේ 20, 2019

    පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන පෙඩ්‍රෝ පබ්ලෝට එරට අධිකරණයෙන් වසර 3ක සිර දඩුවම් නියම කර තිබේ.

    අල්ලස් හෝ දුෂණ චෝදනාවන්ට වරදකරු කරමින්, ඔහුට සිර දඩුවම් නියම වී ඇති බවයි, වාර්තා වන්නේ. ඔහුට සිර දඩුවම් නියම වී ඇති බවයි, වාර්තා වන්නේ. ඔහුට මෙලෙස සිර දඩුවම් නියම වූයේ, පේරු රාජ්‍යයේ තවත් හිටපු ජනාධිපතිවරයෙකු වන ඇලන් ගාසියා සිය ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගැනීමෙන් දින දෙකකට පසුවයි. අල්ලස් චෝදනාවකට අදාළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණි අවස්ථාවේ දී ඔහු එලෙස සිය දිවි හානිකර ගැනිණ. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති පෙඩ්‍රෝ පබ්ලෝ නඩු විභාගයේ දී තමාට එරෙහිව එල්ල කර ඇති චෝදනා අසත්‍ය බව ප්‍රකාශ කර තිබේ. එහෙත්, තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීමෙන් ඔහු අදාළ චෝදනාවන්ට වරදකරු කරමින් මෙලෙස සිර දඩුවම් පමුණුවා තිබේ.

     

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 11:23

    Latest News