ට්‍රිපෝලි එකම ගුවන්තොටුපාළටත් ප්‍රහාරයක්

අප්‍රේ 09, 2019

    ලිබියාවේ ට්‍රිපෝලි අගනුරව පිහිටා ඇති ක්‍රියාත්මක තත්වයේ පවතින එකම ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය විරෝධය පළකර තිබේ.

    ලිබියාවේ හමුදා නායක බලීෆා හාෆර් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. මේ වන විට ත්‍රස්ත කණ්ඩායම් දෙකක් විසින් එරට පාලනය කරයි. ට්‍රිපෝලි අගනුවර ආශ්‍රිත ප්‍රදේශය පාලනය කරන්නේ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබන කණ්ඩායමක්. බලීෆා හාෆර් යනු ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි යටතේ සේවය කළ හමුදා ජෙනරාල්වරයෙක්. මේ වන විට ට්‍රිපෝලි ගුවන් තොටුපොළ වසා දමා තිබේ.

    Latest News