ඊශ්‍රායල් මැතිවරණයේ ප්‍රතිඵල සම වෙයි

අප්‍රේ 10, 2019

    ඊශ්‍රායල් මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනූව පැහැදිලි ජයග්‍රහනයක් නොමැති බව වාර්තා වෙයි.

    ඒ අනූව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂා බෙනී ගාන්ට්ස් සම තත්වයක සිටින බවයි, වාර්තා වන්නේ. හිටපු හමුදාපති බෙනී ගාන්ට්ස්ගේ නිල් හා සුදු සන්ධානය එරට පාර්ලිමේන්තුවේ ආසන 36ක් හෝ 37ක් ජයග්‍රහණය කරනු ඇති බවට මත පළ වී තිබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ආසන 33ක් හෝ 36ක් ලබාගනු ඇති බවයි, මත පළවී තිබෙන්නේ. දෙදෙනාටම ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

    වත්මන් අග්‍රාමාත්‍ය නෙතන්යාහු හට වැඩි අවස්ථාවක් ඇති බවයි, ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. ඊශ්‍රායල් මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ සිදු කෙරිණ. දේශපාලන පක්ෂ 40කට වැඩි සංඛ්‍යාවක් මහ මැතිවරණයට ඉදිරිපත් විය. පාර්ලිමේන්තුවේ ආසන 120ක් සඳහා ඡන්ද විමසුම සිදු කෙරේ.

    Last modified on බදාදා, 10 අප්‍රේල් 2019 09:22

    Latest News