මාලදිවයින් මහමැතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ පක්ෂය ඉදිරියෙන්

අප්‍රේ 07, 2019

    මාලදිවයින් මහමැතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    පූර්ව මැතිවරණ ප්‍රකාශනවලට අනුව පාර්ලිමේන්තුවේ ආසන 87කින් 60ක පමණ බලය හිමිකර ගැනීමට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත්ව ඇති බවයි සඳහන් වේ.

    මාලදිවයිනේ මහ මැතිවරණය ඊයේ පැවැත්විය. එහි ප්‍රතිඵල අද(07) දිනයේ නිකුත් කිරීමට නියමිතයි. වත්මන් ජනාධිපතිවරයාගේ පක්ෂය නියෝජනය කරමින් එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ද මැතිවරණයට තරග වැද සිටී. හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රතිඵලයෙන් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය වන බවයි. ඔහුගේ මැතිවරණ පොරොන්දුවලට අනුව ස්වාධීනත්වය ඇති කිරීම සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇති කිරීම ද ප්‍රධාන තැනක් ගෙන තිබේ.

    Latest News