ගෝලීය උණුසුමෙන් සාගරය කැළඹේ

ජන 01, 2024

    ගෝලීය උණුසුම ඉහළ යාම නිසා සාගර පද්ධතියේ සිදු වන බලපෑම අතිශය ඉහළ බව, විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

    ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යාම, දියවැල්වල ස්වභාවයට බලපෑම් එල්ල වීම ඇතුළු තවත් බොහෝ කරුණු හේතුවෙන් පෘථිවිවාසී සියලු සත්වයින්ට මෙහි අනිසි ප්‍රතිඵලවලට නුදුරේදීම මුහුණ දීමට සිදු වනු ඇති බවයි, විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

    පෘථිවි පෘෂ්ඨයෙන් සියයට 70 කට වඩා වැඩි ප්‍රමාණයක් වැසි තිබෙන්නේ, මහ සාගරයෙන්. එය, පෘථිවියේ කාබන් විමෝචනය හේතුවෙන් උත්පාදනය කරන උෂ්ණත්වයෙන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් උරා ගනු ලබනවා.

    එපමණක් නොව, මිනිසාගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන්, වි‍මෝචනය වන කාබන්වලින් සියයට 25 ක පමණ ප්‍රමාණයක් උරා ගනු ලබන්නේ, මහා සාගරය විසින්. තවත් අතිශය වැදගත් කරුණක් වන්නේ, පෘථිවියට අත්‍යවශ්‍ය වන ‍ඔක්සිජන් නිෂ්පාදනයෙන් හරි අඩකට වඩා සාගරයෙන් නිපද වෙන බවයි, විද්‍යාඥයින් අනුමාන කරන්නේ.

    මේ හේතුවෙන්, සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා සාගරය තුළ වෙසෙන මිලියන 10 ක් පමණ වන ජීවින්ට සහ ගොඩබිම වෙසෙන අනෙකුත් ජීවීන්ට ද එමගින් අතිශය දරුණු පළ විපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි, විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

    පිටපත - ධනුෂ්ක මැදවල

    Last modified on බදාදා, 21 අගෝස්තු 2024 13:21

    Latest News