විශ්වවිද්‍යාලය රත් කළ පිහි ඇනුම

ජූලි 02, 2024

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව විදෙසි මාධ්‍යය වාර්තා කරනවා.

    ඊට සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

    අනතුර සිදු කළ තරුණයා එම පුද්ගලයා වෙත ගොස් විශ්වවිද්‍යාලයේ පිවිසුම අසලදී මුළුතැන්ගෙයි භාවිත කරනු ලබන පිහියකින් ඔහුගේ බෙ‍ල්ලට පිටුපසින් ඇන තිබෙනවා.

    අනතුරුව ඔහු අසල තිබූ බස් රථයකින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි සිසුවා රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත් ඔහුගේ තත්ත්වය තරමක් දුරට බරපතල බවත් එම වාර්තාවල සඳහන් වනවා.

    Latest News