හත්‍රාස් මළගමක් වෙයි

ජූලි 03, 2024
    උතුරු ඉන්දියාවේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් මියගිය පිරිස 116 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    ඔවුන්ගෙන් 106 දෙනෙකු කාන්තාවන් වන අතර, ළමයින් 7 දෙනෙකුද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
    මියගිය බොහෝ පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි ඉන්දී මාධ්‍ය සදහන් කරන්නේ.
    තෙරපීම හටගෙන ඇත්තේ වාර්ෂිකව පැවැත්වෙන සත්සං ආගමික උත්සය අතරතුරයි. උත්සවය අවසන් වීමත් සමග පැමිණ සිටි පිරිස එකවරම පිටවීමට උත්සහ දැරීමේදී තෙරපීම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News