ඉරාන ජනාධිපතිගේ අවසන් කටයුතු අද

මැයි 21, 2024

    අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

    ඔහුගේ අභාවයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ති‌බෙනවා.

    ඔහුගේ අභාවය වෙනුවෙන් අද දින ශ්‍රී ලංකාවේද ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දී තිබෙනවා.

    ඔහුගේ අවසන් කටයුතු,  ඔහුගේ උපන් ගම් ප්‍රදේශය වන "තබ්‍රිස්" ප්‍රදේශයෙදී සිදු කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් රයිසි මහතා මිය ගියේ, විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ තවත් නිළධාරීන් කිහිප දෙනෙකු සමගින්.

    ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරය පසුගිය ඉරිදා කඩා වැටීමෙන් පසු, ඔවුන් මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය ඊයේ තහවුරු කළා. 

    නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ජූනි 28 වැනිදා මැතිවරණය පැවැත්වෙන බව රාජ්‍ය මාධ්‍ය ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මේ අතර, උප ජනාධිපති මොහොමඩ් මොක්බර් අන්තර්වාර රාජකාරි බාර ගැනීමට පත් කර ඇති බවයි ඉරාන බලධාරීන් පවසන්නේ.  

    Latest News