ලොව සතුටින්ම සිටින රට ෆින්ලන්තයයි

මාර් 21, 2024
    ෆින්ලන්තය, අඛණ්ඩව 7 වැනි වරටත් ලොව සතුටින්ම සිටින රට බවට පත්ව තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව සකස් කරන ලොව සතුටින්ම සිටින රටවල් දර්ශකයේ හොඳම රටවල් 20 අතරට අමෙරිකාව ඇතුළත් නොවීම විශේෂත්වයක්.

    මෙම වාර්තාව සකස් කිරීම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා අමෙරිකාව පළමු රටවල් 20 අතරට නොපැමිණි පළමු අවස්ථාව මෙයයි.
     
    අමෙරිකාව 23 වැනි ස්ථානය දක්වාත් ජර්මනිය 24 වැනි ස්ථානය දක්වාත් පසුබැස තිබීම කැපීපෙනෙන තත්ත්වයක්.
     
    ලොව සතුටින්ම සිටින දෙවන රට ඩෙන්මාර්කයයි.
    අයිස්ලන්තය සහ ස්වීඩනය පිළිවෙළින් තුන්වන සහ හතරවන ස්ථානයේ පසුවනවා.
     
    ගාසා තීරයේ යුද්ධයට මැදි වූ ඊශ්රායලය ලොව සතුටින්ම සිටින පස්වන රටයි.
     
    නෙදර්ලන්තය, නොර්වේ, ලක්ෂම්බර්ග්, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්රේලියාව ලොව සතුටින්ම සිටින හොඳම රටවල් 10ට අයත්.
     
    කොස්ටරිකාව සහ කුවේට් එම ලේඛනයේ 12 වැනි සහ 13 වැනි ස්ථානයට ද පැමිණීම විශේෂත්වයක්.
     
    ලොව ප්රීතියෙන්ම සිටින රටවල් අතර තවදුරටත් ලොව විශාලතම රටවල් ඇතුළත් නොවන බවයි මෙම වාර්තාව පවසන්නේ.
     
    සතුටින්ම සිටින රටවල් 10 අතර මිලියන 15ක් ඉක්මවූ ජනගහණයක් ඇත්තේ නෙදර්ලන්තයේ සහ ඕස්ට්රේලියාවේ පමණයි.
     
    ෆින්ලන්තය ලොව සතුටින්ම සිටින රට බවට පත් වීමට හේතු වී ඇත්තේ ස්වභාවධර්මයට සමීප වීම හා රැකියාව සහ ජීවිතය සමබරව පවත්වාගෙන යාම බවයි, විදෙස් මාධ්ය පෙන්වා දෙන්නේ.

    Latest News