60 ක් දිය යට සැඟවෙයි

මාර් 15, 2024
    මධ්යධරණී මුහුදේදී රබර් ඩිංගි යාත්රාවක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් අවම වශයෙන් සංක්රමණිකයන් 60 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරනවා.

    එහි සිටි 25 දෙනකු දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම ඩිංගි යාත්රාව දින කිහිපයකට පෙර පිටත්ව ගොස් තිබුණේ, ලිබියානු වෙරළ තීරයේ සිටයි. දින තුනකට පසු එයි එන්ජිම ක්රියා විරහිත වී තිබෙනවා.
     
    පසුව යාත්රාව ආහාර සහ ජලය නොමැතිව මධ්යධරණී මුහඳේ පාවෙමින් තිබී ඇති බවයි වාර්තා වන්නේ. දිවි ගලවා ගත් පිරිස් පවසන්නේ, මියගිය අය අතර කාන්තාවන් සහ අවම වශයෙන් එක් දරුවෙකු සිටින බවයි.
     
    ඔවුන් දියේ ගිලීමෙන් නොව විජලනය සහ කුසගින්න හේතුවෙන් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්. දිවි ගලවා ගත් පිරිසද පසුවන්නේ ඉතා දුර්වල සෞඛ්ය තත්වයකයි.
     
    ඔවුන් සියලු දෙනා වෛද්ය ප්රතිකාර යටතේ පසුවනවා. මෙම යාත්රාව සතියකට ආසන්න කාලයක් මුහුදේ අතරමං වී තිබී ඇති අතර එහි සිටි පිරිස් රැගෙන ආ ජලය සහ ආහාර ඉතා ඉක්මනින් අවසන් වීමෙන් පසු බොහෝ දෙනා විජලනය හා කුසගින්න හේතුවෙන් මියගොස් තිබෙනවා.
     
    එක්සත් ජාතීන්ගේ සංක්රමණ සඳහා වූ ජාත්යන්තර සංවිධානය පසුගිය සතියේ ප්රකාශ කළේ දශකයකට පෙර වාර්තා ආරම්භ වූ දා සිට සංක්රමණිකයන් සඳහා මෙතෙක් මාරාන්තිකම වසර 2023 වූ බවයි.
     
    ඉකුත් වසරේ අවම වශයෙන් 8,565 දෙනෙකු ලොව පුරා සංක්රමණ මාර්ගවලදී මිය ගොස් ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
     
    එම අගය පෙර වසරට වඩා 20% කින් ඉහළ යාමක්. අදාළ වාර්තාවට අනුව, වැඩිම මරණ සිදුව ඇත්තේ මධ්යධරණී මුහුඳු කලාපය ආශ්රිතවයි. 2023 දී එම කලාපයෙන් පමණක් අවම වශයෙන් මරණ සහ අතුරුදන්වීම් 3,129 ක් වාර්තා වී තිබෙනවා.
    Last modified on සිකුරාදා, 15 මාර්තු 2024 13:38

    Latest News