යුක්‍රේනයට අමෙරිකාවෙන් ඩොලර්

මාර් 13, 2024
    අමෙරිකාව ඩොලර් මිලියන 300 ක් වටිනා යුද ආධාර යුක්‍රේනයට ලබා දීමට තීරණය කර ඇති බව, ධවල මන්දිරය නිවේදනය කරනවා.
    අමෙරිකානු බලධාරීන් පවසන්නේ, පතොරම්, රොකට් සහ ගුවන් නාශක අවි ආයුධ මෙම යුද ආධාර පැකේජයට අයත් බවයි. යුද ආධාරවල වටිනාකම වන්නේ, අමෙරිකානු ඩොලර් මිලියන 300 ක්.
    අමෙරිකානු ජාතික ආරක්‍ෂක උපදේශක ජේක් සුලිවන් පවසන්නේ, යුක්‍රේනයේ නැගෙනහිර භුමි ප්‍රදේශය අත්පත්කරගනිමින් සිටින රුසියාවට, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මෙම ආධාර උපයෝගී වනු ඇති බවයි.
    රුසියාව සමග දිර්ඝ කාලින යුද ගැටුම්වලට මෙම ආධාර කිසිසේත් ප්‍රමාණවත් නොවන බව, ඔහු අවධාරණ කර සිටියා.
    මෙම යුද ආධාර සඳහා අරමුදල් රැස් කරගෙන ඇත්තේ මිට පෙර ඇතිකරගත් ආයුධ ගිවිසුම්වල පිරිවැය ඉතුරුම් මගින් බවයි, වාර්තා වන්නේ.
    මේ අතර, අමෙරිකානු ඩොලර් මිලියන 336ක පතොරම් සහ කාලතුවක්කු උණ්ඩ යුක්‍රේනයට නැව්ගත කරන බව, ඩෙන්මාර්ක් රජය නිවේදනය කර තිබෙනවා.

    Latest News