ගූගල් දරුණු වෙයි

ජන 17, 2024
    කාර්යක්ෂමතාව සහ නිර්මාණශීලිත්වය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම හේතුවෙන් ගූගල් සමාගම සිය ගෝලීය දැන්වීම් කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් ඉවත් කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, රැකියා කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ගූගල් වේදිකාවේ ප්‍රචාරණය සඳහා වඩා වැඩි සහායක් ලබා දීමට අදහස් කරන බවය.

    ගූගල් සමාගම විසින් සිය වෙළෙඳ ප්‍රචාරණය ඇතුළු බොහෝ අංශවලට මෙම කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පියවර ගෙන ඇති සඳහන් වනවා.
    එක්සත් ජනපදයේ මාර්ග ගත ව්‍යාපාර කටයුතු වලින් සියයට 80ක් පමණ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන බව පර්යේෂණයක් උපුටා දක්වමින් ගූගල් සමාගම පවසනවා.

    Latest News