භූ කම්පන උණුසුම මැද ජපානයේ තවත් අනතුරක්

ජන 02, 2024

    ජපානයේ ටෝකියෝහි 'හනෙඩා' ගුවන් තොටුපොළේ ධාවන පථයේදී ගුවන් යානා දෙකක් ගැටීමෙන් ඒවා ගිනි ගැනීමට ලක් වුණා.

    එහෙත්, මගී ගුවන් යානයේ ගමන් කළ 379 දෙනා නිරුපද්‍රිතව දිවි ගලවා ගැනීමට සමත් වීම දෛවෝපගත සිද්ධියක්.  ගැටීමට ලක්වූ කුඩා ගුවන් යානයේ ගමන් කළ 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

    අනතුරට ලක්ව ඇත්තේ, 'ජැපෑන් එයාලයින්ස්' හෙවත් ජපානයේ ප්‍රධාන ගුවන් සේවයට අයත් ජේ.ඒ.එල්.516 යානයයි.   හොකයිඩෝ සිට ගුවන් ගතවූ යානය, ‍හනෙඩා ගුවන් තොටුපොළට ගොඩබැස්වීමේදී වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටුණා.

    වෙරළාරක්ෂක කුඩා යානය ක්ෂණයකින් විනාශ වූ අතර, මගී යානයේ ගින්නක් හටගත්තා.   වෙරළාරක්ෂක සේවාවට අයත් කුඩා යානය භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවලට ආධාර සැපයීම සඳහා යොදා තිබුණා. 

    මගී ගුවන් යානයේ නවීන පහසුකම් හා කාර්ය මණ්ඩලයේ දක්ෂතාව මත සියලු මගීන් ගින්න මධ්‍යයේ ඉවත් කර ගැනීමට හැකි වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කරනාව.  පැය දෙකක් පුරා ගිනිගත් මගී ගුවන් යානයේ ගින්න නිවා දැමීමට හනෙඩා ගුවන් තොටුපොළ ගිනි නිවන සේවාවට හැකි වූයේ නැහැ.  මගීන් ඉවත් වූ පසු යානය දැවී කොටස් දෙකකට කැඩී විනාශ වූ බවයි වාර්තා වන්නේ.

    Latest News