භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ජන 03, 2024
    ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉකුත් පළමුවැනිදා සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 61 ක්.

    භූ කම්පනයෙන් ප්‍රදේශ රැසක නිවාස, ගොඩනැගිලි සහ මහාමාර්ගවලට දැඩි හානි සිදුව තිබෙනවා. විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා සිදුව ඇති බවයි සහන සේවා අංශ පවසන්නේ. ජපානයේ නෝටෝ අර්ධද්වීපයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් තුන්දහසකට අධික සහන මෙහෙයුම් කණ්ඩායම් යොදවා ඇති බව ආරක්ෂක අංශ පවසනවා.

    හෙලිකොප්ටර් මගින් නිරන්තරයෙන් නිරීක්ෂණ කටයුතු සිදු කරනවා වෙරළබඩ නගරයක් වන 'සූසූ' නගරයේ නිවාස සියයට 90 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ආපදා කළමණාකරණ අංශ නිවේදනය කරනවා.
    විපතට පත්වූවන් පනස්හත්දහසකට අධික සංඛ්‍යාවක් මුදා ගැනීමට හැකි වූ බව සහන සේවා අංශ පවසනවා. ආහාර, ජලය, බ්ලැංකට් ඇතුළු සියලු පහසුකම් කඩිනමින් සැපයීමට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා නිවේදනය කොට තිබෙනවා.

    Latest News