ඔසී ගිලගත් ගංවතුර

දෙසැ 18, 2023
    ඔස්ට්රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්තයට ධාරානිපාත වාර්ෂාවෙන් දැඩි ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.

    බලධාරීන් පවසන්නේ, එම කලාපයේ මෙතෙක් ඇති වූ දරුණුතම ගංවතුර තත්වය මෙය බවයි.

    දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. කොටු වී සිටි සිය ගණනක් බේරාගෙන ඇති අතර තවත් බොහෝ පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මකයි.
     
    නිවර්තන සුළි කුණාටුවක් හේතුවෙන් බලපා ඇති ආන්තික කාලගුණය නිසා ඇතැම් ප්රදේශවලට වසරකදී ඇතිවන වර්ෂාපතනයක තරම් ප්රමාණයක් දින කිහිපයක් තුළ ඇද හැලී තිබෙනවා.
     
    කෙයාර්න්ස් ගුවන් තොටුපළේ යානයක් ද ගංවතුරට හසුව ඇති අතර, ජල ගැලීම් හේතුවෙන් කිඹුළන්ද නගරය තුළට පැමිණ ඇති බව විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්.
     
    කිසිදු මරණයක් හෝ අතුරුදහන් වූ කිසිවෙකු පිළිබඳව තොරතුරුක් මෙතෙක් වාර්තා වී නැහැ.
     
    වර්ෂාපතනය තවත් පැය 24ක පමණ කාලයක් පවතිනු ඇතැයි කාළගුණ බලධාරීන් පවසනවා. බොහෝ නිවාස ජලයෙන් යටවී ගොසින්.
     
    විදුලිය විසන්ධි වීම සහ ආරක්ෂිත පානීය ජලය අඩුවීම ජන ජීවිතයට බලපෑම් එල්ල කර තිබෙනවා.
     
    මෙම කාලගුණ වෙනස්වීම ආරම්භ වූ දා සිට කෙයාර්න්ස් නගරයට මීටර් 2 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
     
    ගංගාවල ජල මට්ටම උපරිම තත්වයට පැමිණ ඇති අතර, හෙට වනවිට වර්ෂාව අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

    Latest News