යුද්ධයෙන් පසු නියඟයක්

දෙසැ 13, 2023

    ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාන්තයට මාස කිහිපයක සිට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් 176 දෙනෙකු මියගොස් තිබෙනවා.

    බොහෝ පිරිසක් සාගින්නෙන් පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

    ඉතියෝපියාවේ දෙවසරක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් පසු උග්‍ර නියඟයකටද මුහුණපෑමත් සමග හතළිස්පන්දහසක පමණ පිරිසක් දැඩි සාගින්නෙන් පෙලෙන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසනවා. නියඟයත් සමග ප්‍රමාණවත් මානුෂීය ආධාර නොලැබීම හේතුවෙන් නිවෙස් අතහැර පළා යන ජනතාව ඉහළ ගොසින්. ඉකුත් සති කිහිපය තුළ සාගින්නෙන් 200 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ටයිග්‍රේ ප්‍රදේශයට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.

    Latest News