තවත් සටන් විරාමයකට එකඟතාවය

දෙසැ 13, 2023
    ගාසා තීරයට වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ සම්මත කළා. මෙය, ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය බැඳීමක් නොවන අතර, ජාත්‍යන්තර ජනමතය ප්‍රබල මිනුමක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

    ඊයේ පැවති ඡන්ද විමසීමේදී සාමාජිකයින් 193 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල, යෝජනාවට පක්ෂව රටවල් 153 ක් ඡන්දය ප්‍රකාශ කළා. රටවල් 23 ක් ඡන්දය දීමෙන් වැලකී සිටියා.

    අමෙරිකාව ඇතුළු රටවල් 10 ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට තිබෙනවා. ඡන්දයේ ප්‍රතිඵල පලස්තීනය විසින් පිළිගනු ලැබූ අතර, හමාස් සංවිධානය කියා සිටින්නේ, පවතින ජාත්‍යන්තර එකගතාව පලස්තීන ජනතාවට එරෙහිව සිදුවන ආක්‍රමන වහා නැවැත්වීමට පක්ෂව සිටින බව පෙන්නුම් කිරීමක් ලෙසයි.
    මේ අතර, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ, ගාසා තීරයට නොකඩවා එල්ල කෙරෙන ප්‍රබල බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලට ගෝලීය සහයෝගය අහිමි වීම ආරම්භ වී ඇති බවයි. මෙය, ඊශ්‍රායල නායකත්වය පිළිබඳ බයිඩන් සිදු කළ ප්‍රබලතම විවේචනාත්මක ප්‍රකාශයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    මේ අතර, ඊශ්‍රායල් හමුදා උතුරු ගාසා තීරයේ කාමල් අඩ්වාන් රෝහල වැටලීමත් සමග එහි රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉල්ලා සිටිනවා.

    Latest News