රුසියාවේ ගුවන් තොටකට ඩ්‍රෝන් ප්‍රහාරයක්

අගෝ 30, 2023

    වයඹ දිග රුසියාවේ Pskov නගරයේ ගුවන් තොටුපළකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකකට හානි සිදුව ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

    ප්‍රහාරයෙන් Ilyushin 76 ප්‍රවාහන ගුවන් යානා ගිනිගෙන ඇති බව වාර්තා වේ. Pskov යුක්රේනයේ සිට 600km (සැතපුම් 372) වඩා දුරින්, එස්තෝනියාවේ මායිමට ආසන්නව පිහිටා ඇත.

    රුසියාවේ Tass ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ මොස්කව්හි Vnukovo ගුවන් තොටුපළට ඉහළින් ඇති ගුවන් කලාපය වසා දමා ඇති බවයි.

    Pskov ප්‍රාදේශීය ආණ්ඩුකාර Mikhail Vedernikov පැවසුවේ ආරක්ෂක අංශ විසින් Pskov ගුවන් තොටුපළට එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාරය මැඩපැවැත්වූ බවයි.

    තමන් නිශ්චිතව ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කළ බව යුක්රේනය ප්‍රකාශ කර නැතත්, ජනාධිපති Volodymyr Zelensky මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ රුසියානු භූමියට එල්ල කරන ප්‍රහාර නොවැළැක්විය හැකි බවයි.

    Latest News