ගිනිගෙන දැවුනා මළගම මැවුනා

අගෝ 16, 2023

    හවායි හි “මෞයි” දිවයිනේ ලැව් ගිනිවලින් මිය ගිය දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

    ඒ, 74 හැවිරිදි රොබට් ඩැක්මන් සහ 79 හැවිරිදි බඩී ජැන්ටොක් යන දෙදෙනායි. ඔවුන් ලහයිනා නගරයේදී ගින්නට හසුව තිබෙනවා.

    ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 106 දක්වා ඉහළ ගොස් ඇති අතර, 1,300 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව ඇති බවයි, වාර්තා වන්නේ. ජනාධිපති ජෝ බයිඩ්න් විනාශ වී ඇති හවායි දූපත බැලීමට නොයෑම පිළිබඳව බොහෝ දෙනාගේ චෝදනා එල්ල වෙමින් පවතිනවා.

    හැකි ඉක්මණින් එහි සංචාරය කිරීමට සැලසුම් කොට ඇති බවත්, ජනාධිතිවරයා නිවේදනය කර ඇති බව ද වාර්තා වනවා.   

    Latest News