ගින්නෙන් බැටකන කැනඩාව

අගෝ 16, 2023

    ලැව්ගිනි හේතුවෙන් වයඹදිග කැනඩාවේ විශාලතම නගරයක් වන “යෙලොනයිෆ්” හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත්‍ කර තිබෙනවා.

    පදිංචිකරුවන් සිය ගණනක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ද පියවර ගැනුණා. කැනඩා‍වේ සක්‍රීය ලැව් ගිනි 1,070 ක් වාර්තා වනවා. ඉන්, 672 ක් පාලනය කළ නොහැකි බවයි, ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. ගිනිනිවන භටයින් සියයකට වැඩි සංඛ්‍යාවක් ලැව් ගිනි මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටිනවා. පසුගිය මාස‍යේ ද මෙම ප්‍රදේශයේ සහ ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව් ගිනි පැතිර ගියා.

    පදිංචිකරුවන් ඉවත් කෙරුණු දෙවැනි අවස්ථාව මෙයයි. අධිවේගී මාර්ග ගණනාවක් වසා තිබෙනවා. ප්‍රදේශ රැසක් ගිනි දැල් සහ කළු දුමාරයෙන් වැසී ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ 160,000 ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුණා.

    Latest News