පතල කඩා වැටෙයි, 36ක් අතුරුදන්

අගෝ 15, 2023

    උතුරු දිග මියන්මාරයේ ජේඩ් පතලක් කඩා වැටීමෙන් 36 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

    පතලට ඉහළින් පිහිටි මඩකන්දක් නාය යෑම අනතුරට හේතුවයි. අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. පතල් කම්කරුවන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක පිහිටි මෙය, ලොව විශාලතම ජේඩ් පතලක් ලෙසයි, සැලකෙන්නේ.

    ජේඩ් නමැති පළිගු විශේෂයට ‍ලොව ඉහළ ඉල්ලුමක් පවතිනවා. නාය යෑමත් සමග අවට වැඩ කරමින් සිටින පිරිසක් අසළ වැවකට ගසා ගෙන ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.  

    Last modified on අඟහරුවාදා, 15 අගෝස්තු 2023 22:28

    Latest News