හවා‍යි ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනය

අගෝ 13, 2023

    හවායි දූපතේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 80 දක්වා ඉහල ගොස් තිබෙනවා.

    දේපල හානි සහ මරණ සැලකිල්ලට ගත්විට එරට ඉතිහාසයේ දරුණුම ස්වාභාවික ව්‍යසනය මෙය බවයි, බලධාරීන් පවසන්නේ.

    ලැව්ගිනි හේතුවෙන් 100 දෙනෙකු පමණ අතුරුදන්ව සිටිනවා. හවායි දූපත් සමූහයට අයත් මාවූයී දූපතේ ලහයිනා නගරයේ විදුලිය සහ ජලය සැපයුම ද ඇණහිට ඇති බව වාර්තා වනවා. විපතට පත් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    වසරකට ලක්ෂ 20 කට ආසන්න සංචාරකයින් පිරිසක් පැමිණෙන මාවූයී දූපතේ ලහයිනා නගරයේ ගොඩනැගිලි 1,000 ක් පමණ මේ වන විට මුළුමනින්ම විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ. ගින්නෙන් විනාශ වූ දූපත යථා තත්වයට පත් කිරීමට වසර කිහිපයක් ගතවනු ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා.

    අවතැන් වූවන් සඳහා මාවූයී දුපතේ කඳවුරු හයක් ස්ථාපිත කර තිබෙනවා. සංචාරක හෝටල් වල ද අවතැන් වූවන් පදිංචි කිරීමටයි, බලධාරීන් ක්‍රියා කර ඇත්තේ.

    Latest News