හවායි ලැව්ගිනි නිසා මියගිය ගණන 53ක් දක්වා ඉහළට

අගෝ 11, 2023

    හවායි දූපතේ පැතිර යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 53 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    “මාවුයී” දූපතේ දහසක පමණ පිරිසක් ද අතුරුදන්ව සිටින බවයි, බලධාරීන් පවසන්නේ.

    හවායි බලධාරීන් පවසන්නේ, එරට ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලම ස්වභාවික විපත මෙය බවයි. එරට බටහිර වෙරළබඩ සංචාරක නගරයක් වන ලහයිනා නගරයේ පැතිර යන ලැව්ගින්නෙන් සියයට 80 ක පමණ ප්‍රමාණයක් මේ වන විට මැඩපවත්වා තිබෙනවා. එහි ගොඩනැගිලි 1,700 ක් පමණ මුළුමණින්ම විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ. සංචාරකයින් 14,000 කට වැඩි පිරිසක් එම නගරයේ ඉවත් කිරීමට ද පියවර ගැනුණා. විදුලිය විසන්ධිවීම් නිසා 11,000 ක පමණ පිරිසක් පීඩාවට ලක්ව සිටිනවා. හවායි දූපතේ හදිසි ආපදා තත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා. හවායි දූපතේ ජනතාව වෙනුවෙන් අරමුදල් පිහිටුවා ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News