රුසියාවේ ගිනි අවි නිෂ්පාදනය ඉහළට

ජූලි 25, 2023

    රුසියාවේ යුද අවි නිෂ්පාදනය ඉහළ නංවා ඇති බව වාර්තා වනවා.

    එරට වෙළෙඳ සහ කාර්මික අමාත්‍යවරයා පවසන්නේ, පසුගිය වසරේ නිෂ්පාදනය කෙරුණු ආයුධවලට වඩා වැඩි  සංඛ්‍යාවක් මේ වසරේ මුල් මාස 7 තුළ නිෂ්පාදනය කර ඇති බවයි. 

    ඇතැම් අවි වර්ග නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ නංවා ඇති අතර, ඊට විශේෂඥ දැනුම සහිත 16,000 ක පිරිසක්  අලුතින් බඳවා ගත් බවයි, ඔහු පවසන්නේ.

    යුක්‍රේන යුද්ධයත් සමග රුසියානු අවි භාවිතය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊට‍ විශාල පිරිවැයක්  දැරීමටයි රුසියාවට සිදුව ඇත්තේ.  

    Latest News