බ්‍රෙක්සිට් ක්‍රියාවලියට විරුද්ධ වූ ඇමති 3ක් ඉවතට

මාර් 26, 2019

    බ්‍රිතාන්‍ය රජයේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියට විරෝධය පළ කරමින් අමාත්‍යවරු තිදෙදෙනෙක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    විදේශ කටයුතු, සෞඛ්‍ය සහ වෙළඳ අමාත්‍යවරයා මෙලෙස ඉල්ලා අස්වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට මොවුන් ඊයේ ඉල්ලා අස්වී ඇති බවයි.

    එසේම අග්‍රාමාත්‍ය තෙරේසා මේට සිය ධුරයෙන් ඉල්ලා අස්වැන්නයි වෙළෙඳ අමාත්‍ය රිචඩ් හැරින්ටන් ප්‍රකාශ කරයි. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවත් ඡන්ද විමසීමක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවැත්විණ. එයින්ද, අග්‍රාමාත්‍යවරිය පරාජයට පත්විය.

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 19:38

    Latest News