මාලි මැරප්‍රහායෙන් වැසින් 130ක් මරුට

මාර් 25, 2019
    මාලි රාජ්‍යයේ ගම්මානයකට එලල්ල කළ මැර ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 130ක් ඝාතනයට ලක්ව තිබේ.
    ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය සෙනසුරාදා මධ්‍යම මාලි රාජ්‍යයේ මොප්ටි ප්‍රදේශයට බව වාර්තා වේ. 
    ප්‍රහාරකයින් ගම්මානයට කඩා වැදී එහි සිටි ත්‍රස්තවාදීන් හා සබඳකම් පවත්වන ෆුලානි ගෝත්‍රිකයින් සොයා වෙඩි තැබූ බව සදහන් වේ. ප්‍රහාරකයින් ගම්වාසීන්ට වෙඩි තබා සහ පොරෝ පහර එල්ල කිරීමෙන් ඝාතනය කර තිබේ.
    එසේම ගම්මානයේ පැල්පත්වලට ද ගිනි තබා ඇත.ප්‍රහාරයෙන් අනතුරුව මාලි ජනාධිපතිවරයා එරට හමුදා ජෙනරාල්වරුන් දෙදෙනෙකු ධුරයෙන් ඉවත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මාලි රාජ්‍යයේ ඉහළ යන සිවිල් ගැටුම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේවන විට සාකච්ඡා පවත්වමින් සිටියි.
    Last modified on සදුදා, 25 මාර්තු 2019 09:43

    Latest News