ගෝලීය සහල් සැපයුම පහළට

ජූනි 24, 2023

    දේශගුණික විපර්යාසයන්හි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය සහල් සැපයුම, ඉල්ලුමට වඩා බෙහෙවින් පසුගාමී වී ඇති බව, මූල්‍ය දත්ත සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන "ෆිච් සොලියුෂන්ස්" ආයතනය පවසනවා.

    ගෝලීය සහල් වෙළඳපොල තුළ 2022 සහ 2023 වසර සඳහා සහල් ටොන් මිලියන 8.7ක හිඟයක් වාර්තා කරනු ඇති බවයි, එම ආයතනික නවතම දත්ත වාර්තාව පෙන්වා දෙන්නේ. දශක දෙකකට පසු වාර්තා වූ සහල් සැපයුමෙහි විශාලතම පහත වැටීම මෙයයි.

    ලොව පුරා බිලියන 3.5ක ජනතාවකගේ ප්‍රධාන ආහාරය ලෙස සහල් නිෂ්පාදනය මෙලෙස පහත වැටීමට දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව සහල් නිෂ්පාදනය කරනු ලබන ‍බොහෝ රටවලට ඉකුත් කාලසීමාව තුළ මුහුණපෑමට සිදු වූ නියඟය මෙන්ම ගංවතුර තත්වයන් ප්‍රධාන වශයෙන් බලපා ඇති බව, "ෆිච් සොලියුෂන්ස්" ආයතනය පෙන්වා දෙනවා.

    Latest News