රුසියාවේ අභ්‍යන්තර ගැටුම්

ජූනි 24, 2023

    රුසියානු හමුදා නායකයින් සහ එහි වැග්නර් කුලී හේවා බලකාය අතර, අභ්‍යන්තර වශයෙන් ගැටුම් උත්සන්න වෙමින් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    සන්නද්ධ කැරැල්ලක් කැඳවීම සම්බන්ධයෙන් වැග්නර් කුලී හේවා බලකායේ ප්‍රධානියාට චෝදනා එල්ලවීමත් සමග ආරක්ෂාව තර කිරීමටයි, රුසියානු රජය පියවර ගෙන ඇත්තේ. රුසියානු හමුදාවන්ට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් කැඳවීම සම්බන්ධයෙන් වැග්නර් කුලී හේවා බලකා ප්‍රධානී යෙව්ගෙනී ප්‍රිගෝෂින් ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    ඒ අනුව, රුසියාවේ ආරක්ෂාව තර කිරීමට, එරට රජය පියවර ගෙන ඇති අතර අන්තර්ජාල සේවාවන් ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. මොස්කව් අගනුවර හමුදා මුර සංචාර යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා. ක්‍රේම්ලිනය, වැග්නර් කුලී හේවා බලකා ප්‍රධානී යෙව්ගෙනී ග්‍රිගෝෂින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබෙනවා. මේ අතර, රුසියානු ජානධිපති ව්ලැද්මීර් පුටින් අවධාරණය කරන්නේ, සිය රාජ්‍ය බෙදා වෙන් කිරීමේ අරමුණින් සන්නද්ධ කැරළි මෙහෙයවනු ලබන යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි.

    Latest News