ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක්

ජූනි 17, 2023

    ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

    එහි ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙසට වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.  ප්‍රංශයේ ඒකක 5 ඉක්මවූ භූ කම්පන වාර්තාවීම දුලබ සිදුවීමක් වන අතර එවැනි භූ කම්පනයක් අවසන්වරට එහි සිදුව ඇත්තේ 2019 වසරේදීයි.  සිද්ධියෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලිවල බිත්ති පුපුරා යාම් සහ ඉරිතැලීම් නිරීක්ෂණය වී ඇති බව එරට බලධාරින් සඳහන් කර තිබෙනවා.

    Latest News