ග්‍රීසියේ බෝට්ටු අනතුරින් අතුරුදන් වූ අය සොයා තවමත් මෙහෙයුම්

ජූනි 16, 2023

    ග්‍රීසියේ දකුණුදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී සිදු වූ සංක්‍රමණික යාත්‍රා අනතුරින් දිවි බේරා ගත් පිරිස පවසන්නේ, යාත්‍රාව තුළ දරුවන් 100 දෙනෙකු පමණ සිටි බවයි.

    තවමත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින බව, බලධාරීන් පවසනවා. සංක්‍රමණිකයන් 750 දෙනෙකු පමණ යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇති බවයි, අනාවරණය වී ඇත්තේ. අනතුරින් 79 ‍දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා. සංක්‍රමණියක් මෙලෙස යාත්‍රාවකින් රැගෙන යාම සම්බන්ධයෙන් සැක පිට ඊජිප්තු ජාතිකයින් කිහිපදෙනෙකු ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News