පළමු ඡන්ද දායකයා සමුගනී

නොවැ 06, 2022

    ඉන්දියාවේ ප්‍රථම ඡන්ද දායකයා ලෙස සැලකෙන පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ශ්‍යාම් සරන් නේගි මිය යන විට වයස අවුරුදු 105ක්.  බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස ලැබීමෙන් අනතුරුව ඉන්දියාව සිය පළමු මහ මැතිවරණය පවත්වන අවස්ථාවේ ඡන්දය ප්‍රකාශ කළ පළමු පුද්ගලයා මොහු ලෙසයි සැලකෙන්නේ.  එතැන් සිට මේ දක්වා සෑම මැතිවරණයකදීම ඔහු සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

    මිය යෑමට දින 03කට පෙරද ඔහු හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සභාපතිවරණයකදී සිය ඡන්දය ප්‍රකාශකර තිබීම විශේෂත්වයක්. 

    Last modified on ඉරිදා, 06 නොවැම්බර් 2022 12:27

    Latest News