ඉරානය ඩ්‍රෝන යාත්‍රා සැපයූ බව පිළිගනී

නොවැ 06, 2022

    ඉරානය, රුසියාවට ‍ඩ්‍රෝන යාත්‍රා සැපයූ බවට ඉරාන බලධාරින් පිළිගෙන තිබෙනවා.

    එහෙත්,  එය රුසියානු යුක්‍රේන යුධමය තත්ත්වය ඇතිවීමට පෙර සිදුවූ හුවමාරුවක් බවයි,  ඔවුන් අවධාරණය කරන්නේ. මෙහිදී ඉරාන බලධාරින් පවසන්නේ, යුක්‍රේන යුද්ධයට මාස කිහිපයකට පෙර මෙසේ ඩ්‍රෝන යාත්‍රා කිහිපයක් රුසියාවට ලබාදුන් බවයි. 

    ටෙහෙරානයේ පැවති රැස්වීමකින් අනතුරුවයි, ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.  නමුත් මෙම සැපයුම සිදුවූයේ කිසිදු අයුරකින් යුක්‍රේනය ඉලක්ක කරගනිමින් නොවන බවයි,  ඉරාන බලධාරින් පවසන්නේ.  ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් ඉරානය, රුසියාවට ඩ්‍රෝන යාත්‍රා ලබාදුන් බවට ජාත්‍යන්තරයෙන් චෝදනා රැසක් එල්ල වූ අවස්ථාවකයි, ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටින්නේ. 

    Latest News