100කගේ ඉරණම ලියවුන ගුජරාට් පාලම

ඔක් 31, 2022
  • ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 100කට අධිකයි. 'මච්චු' නැමති ගංගාව හරහා ඉදිකර තිබූ ඉපැරණි පදික පාලමක් එලෙස කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    වසර 140ක් පමණ පැරණි එම පාලම බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකර ඇති අතර එය සුළු ප්‍රතිසංස්කරණයකින් පසු ජනතාවගේ ගමනාගමන කටයුතු සදහා විවෘත කර තිබූ පාලමක් බවද ඉන්දීය මාධ්‍ය වාර් තා කරනවා.

    ඊයේ රාත්‍රියේ එම පාලම කඩා වැටෙන විට පුද්ගලයින් 400ක් පමණ එහි රැඳී සිටි තිබෙනවා.

    පාලමේ කඩා වැටුණු කොටසක් එය රඳවා තිබූ කම්බිවල එල්ලී තිබුණු අතර ගඟට නොවැටී සිටි පිරිසක් පහළ සිට පාලමේ එල්ලී ඉහළට පැමිණ දිවි බේරාගත් ආකාරය දැක්වෙන දර්ශනද විදෙස් මාධ්‍යවල සංසරණය වනවා.

    එම ගංගාවේ පැතිර තිබූ ඝන ඇල්ගී තට්ටුවක් අනතුරට ලක්වූවන් බේරාගැනීම සදහා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලට හේතුවෙන් දැඩි බාධා එල්ල වූ බවයි, ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. 

    ගුජරාට් යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි උපන් ප්‍රාන්තයයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා ද තෙදින නිල සංචාරයක් සඳහා ගුජරාටය වෙත පැමිණ සිටි බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    https://www.dailymail.co.uk/news/article-11370749/60-dead-bridge-COLLAPSES-river-western-India-Video-shows-people-desperately-clinging-on.html#v-239139041124044056
    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 11:34

    Latest News