පිලිපීනයේ ගංවතුරෙන් 45ක් මරුට....

ඔක් 30, 2022

    පිලිපීනයේ දකුණු දිග ප්‍රදේශවලට බලපා ඇති දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ගංවතුර තත්වයක් හට ගෙන තිබෙනවා.

    එයින්, පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ. පසුගිය සතියේ සිට ඇදහැලෙන වර්ෂාපතනය මෙම සති අන්තයේදී එහි උච්චතම අවස්ථාවට ළඟා වනු ඇති බවයි, කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. ගංවතුර තත්වයත් සමග විපතට පත් පිරිස් මුදවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති අතර, හදිසි කුණාටු තත්වයකට මුහුණදීම සඳහා හදිසි සේවා ද මේ වන විට සූදානම්ව ඇති බවයි, වාර්තා වන්නේ.

    මේ අතර, වෙරළාරක්ෂක බලකාය විසින් ‍ධීවර ගමන් අත්හිටුවනු ලැබ ඇති අතර, බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ තත්වයත් සමග නාය යාමේ අවදානමක් ද හට ගෙන තිබෙනවා.

    Latest News