ලොව අපිරිසිදුම මිනිසා මියයයි

ඔක් 25, 2022

    ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකෙන පුද්ගලයා මියගොස් තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 94ක්.

    අමොව් හජි නැමැති ඔහු වසර 60කට වැඩි කාලයක් ස්නානය කර නොමැති බවයි වාර්තා වන්නේ.

    ඔහු මියගොස් ඇත්තේ ඉරානයේ ෆාර්ස්හි ඩෙජ්ගා නැමැති ගම්මානයේදී. දශක ගණනාවක් ස්නානය නොකර සිටි මෙම පුද්ගලයා යළි ස්නානය කිරීමෙන් අනතුරුව විවිධ රෝගාබාධවලට ලක්ව තිබෙනවා.

    ඒ හේතුවෙන් ඔහු මරණයට පත්වූ බවයි, ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මීට මාස කිහිපයකට පෙර ඔහු ජීවත් වූ ගම්මානයේ ජනතාව ඔහුව ස්නානය කරවීමට පියවර ගෙන තිබෙනවා.

    අමොව් හජි ලොවපුරා අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටි අතර බොහෝ මාධ්‍ය ඔහු පාදක කරගනිමින් වාර්තාමය වැඩසටහන් ද නිෂ්පාදනය කර තිබෙනවා.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 09:46

    Latest News