යුක්‍රේනයේ ගම්මාන දහසකට වැඩි ප්‍රමාණයක් අඳුරේ...

ඔක් 19, 2022

    මෙම සතිය තුළ යුක්‍රේන බලශක්ති බලාගාර ඉලක්ක කර ගෙන රුසියාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් එරට නගර සහ ගම්මාන දහසකට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව, යුක්‍රේන බලධාරීන් පවසනවා.

     ඊයේ දින යුක්‍රේනයේ කියෙව් අගනුවර විදුලි බලාගාර මෙන්ම, යටිතල පහසුකම් ඉලක්ක කර ගෙන එල්ල කෙරුණු රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් එම නගරයේ මුළුමණින්ම විදුලිය විසන්ධි වී ඇති බව, යුක්‍රේන බලධාරීන් පවසනවා. විදුලිය විසන්ධිවීම හේතුවෙන් එම නගරයේ වාරි මාර්ග පද්ධතිය අඩාල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    යුක්‍රේනයේ කියෙව් අගනුවර පමණක් ජනාවාස 4,000 කට අධික ප්‍රමාණයකට විදුලිය නොමැති වීමෙන් එහි ජීවත්වන පුද්ගලයින් මහත් අසීරුතා රැසකට මුහුණ දෙමින් සිටිනවා. ඊයේ දින එම නගරය ඉලක්ක කර ගෙන එල්ල කරන මිසයිල ප්‍රහාර හේතුවෙන් මියගිය තිදෙනා බලශක්ති ක්ෂේත්‍රයේ යෙදී සිටින වෘත්තිකයින්. ඔක්තෝම්බර් 6 වැනිදා සිට රුසියානු හමුදා විසින් යුක්‍රේනයට එල්ල කරන ලද රොකට්, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයින් 70 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව, එරට හදිසි සේවාවන් පවසනවා.     

    Latest News