උතුරු තුර් කියේ ගල් අඟුරු ආකරයක පිපිරීමක්

ඔක් 16, 2022

    උතුරු තුර් කියේ ගල් අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුර වන අවස්ථාවේ එහි 100කට අධික සංඛ්‍යාවක් රැඳී සිටි බවයි වාර්තා වන්නේ. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව  බලධාරින් පවසනවා.  පිපිරීම වන විට සේවකයින් මීටර් 300කට වඩා ගැඹුරක සිට ඇති අතර පතල් තුළ භාවිත කෙරෙන පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

    තුවාළ ලැබූ එකොළොස් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

    තුර් කි ජනාධිපති රිචෙප් ටයිප් ප්‍රකාශ කර ඇත්තේ, තුවාළ ලැබූ කම්කරුවන්ගේ හා මියගිය පිරිස්වල පවුල් සඳහා හැකි උපරිම සහය ලබාදෙන බවයි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 10:46

    Latest News