චීන ගගනගාමීන් තිදෙනෙකු මෙහෙයවන “අභ්‍යවකාශ පන්තියේ” තුන්වන පාඩම හෙට (12)

ඔක් 11, 2022

    චීන ගගනගාමීන් තිදෙනෙකු මෙහෙයවන “අභ්‍යවකාශ පන්තියේ”තුන්වන පාඩම හෙට(12) චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව නිවේදනය කළේය.  Chen Dong, Liu Yang සහ Cai Xuzhe යන ගගනගාමීන් තිදෙනා මෙම පාඩම පෘථිවිය සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතර අන්තර් ක්‍රියාකාරකමක් ලෙස  සිදුකරනු ඇත.  ගගනගාමීන් තිදෙනා, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ WenTian පර්යේෂණාත්මක මොඩියුලයේ කාර්යයන්, ජීවමාන දර්ශන ඇසුරින් මෙහිදී හඳුන්වාදීමට නියමිතයි.

    එසේම ඔවුන් එහිදී ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ මෙන්ම, අභ්‍යවකාශයේ ශාක වර්ධන පර්යේෂණ ව්‍යාපෘතිය ද ප්‍රදර්ශනය කරමින් විග්‍රහ කරනු ඇත.  මෙවැනි ක්‍රියාකාරකම් මගින්, අභ්‍යවකාශ තරණය පිළිබඳ දැනුම ව්‍යාප්ත කෙරෙන අතර, තරුණ ප්‍රජාව තුළ ඒ කෙරෙහි උනන්දුව නැංවීමට ද මනා පිටුබලයක් සැපයේ.  “අභ්‍යවකාශ පන්තිය” මීට පෙර දෙවරක් සාර්ථක ව පැවැත්වුණු අතර, ඊට  ඉහළ ප්‍රතිචාර හිමිවිය.

     

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට... 

    Latest News