මැලේසියානු පාර්ලිමේන්තුව විසුරුවා හැරේ...

ඔක් 11, 2022

    මැලේසියානු පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. 

    ඒ, අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්‍රි යාකූබ්ට පැවරී ඇති බලතල අනුවයි. ලබන වසරේ සැප්තැම්බර් මාසයේ එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මැතිවරණය ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කරන බව, අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළා. මැලේසියාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියෙන් පසු එරට ආර්ථිකය තවදුරටත් මෙලෙස බලපෑමට ලක් වූ බවයි, වාර්තා වන්නේ.

    එම තත්වය ක්‍රමවත්ව පාලනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව ද රජයට චෝදනා එල්ල වුණා. ඊට අමතරව, මූල්‍ය වංචා සම්බන්ධයෙන් ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට චෝදනා එල්ල වන බවයි, වාර්තා වන්නේ. මැතිවරණයට ඉදිරිපත් වී ජනතා ප්‍රසාදය දිනා ගනිමින් විශ්වාසය තැබිය හැකි ජනතා හිතවාදී නව රජයක් පිහිටුවීම තම අරමුණ බව, අග්‍රාමාත්‍ය යාකූබ් කියා සිටිනවා.

    Latest News