න්‍යෂ්ටික අත්හදා බැලීම ප්‍රහාරයක පෙරහුරුවක් බව, උ.කොරියාව කියයි

ඔක් 11, 2022

    තම රට සිදු කළ න්‍යෂ්ටික අත්හදාබැලීම්  ප්‍රහාරයක පෙරහුරුවක් ලෙස සිදු කළ බව, උතුරු කොරියාව පවසයි. මෙම ප්‍රහාර දකුණු කොරියාවට පහර දීම සඳහා අත්හදා බැලීම් ලෙස සිදු කළ බවයි, උතුරු කොරියාව පවසන්නේ.

    ඔත්තුසේවා පවසන්නේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් කිරීමට සූදානම් වන බවයි. උතුරු කොරියාව, අවසන් වරට න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරනු ලැබුවේ, මීට වසර 5 කට පෙරයි.

    එහෙත්, පසුගිය සතිය තුළ පමණක් උතුරු කොරියාව, මිසයිල අත්හදා බැලීම් 7 ක් සිදු කරනු ලැබුවා.

    උතුරු කොරියාව පවසන්නේ, එම මිසයිල න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන යාමේ හැකියාව ඇති ‍ඒවා බවයි. අමෙරිකාව සහ දකුණු කොරියාව පසුගිය දිනවල යුද අභ්‍යාස කිහිපයක් පවත්වනු ලැබීය.

    උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් සිදු කළේ, ඊට ප්‍රතිචාරයක් ලෙසයි.

    Latest News