රුසියානු හමුදාව දරුණු පසුබෑමක...

ඔක් 05, 2022

    යුක්‍රේනයේ කර්සෝන් ප්‍රදේශය අත්පත් කරගෙන සිටින රුසියානු හමුදාව මෑතදී දරුණු පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වනවා. 

    මේ බව පැහැදිලි වන්නේ, රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර ඇති නවතම සිතියමකින්. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය දෛනිකව පවත්වන මාධ්‍ය හමුවේදී එම හමුදාවේ ක්‍රියාන්විත ගැන විශ්ලේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කෙරුණා.  දැනට යුක්‍රේණයේ සිටින රුසියානු හමුදාව උපක්‍රමශීලීව පසුබසින ආකාරය දැක්වෙන සිතියමක් මාධ්‍ය හමුවට ඉදිරිපත් කෙරුණා. 

    රුසියානු හමුදාව ඔස්කිල් ගංගාවේ බටහිර ඉවුරේ ස්ථාන රැසක් අතහැර ගොස් ඇති ආකාරයද සිතියමෙන් පැහැදිලි වනවා.  ඔවුන් ලුහාන්ස් පළාතේ මායිම දක්වා නැගෙනහිර දෙසට කිලෝමීටර 20 ක් පමණ පසුබැස තිබෙනවා.  එම සිතියම අධ්‍යයනය කරන යුද විශ්ලේෂකයින් පවසන්නේ යුක්‍රේන ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු හමුදාව දරුණු පසුබෑමකට ලක්ව ඇති බවයි.

    Latest News