මෙවරත් නොබෙල් ත්‍යාග ලැබූ තිදෙනෙක්

ඔක් 05, 2022

    මෙම වසරේ භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබෙනවා. ඔවුන් “ක්වොන්ටම් තාක්ෂණය” සම්බන්ධයෙන් නව සොයා ගැනීම් රැසකට දායක වූවන් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මෙලෙස නොබෙල් ත්‍යාගයට පාත්‍ර වී ඇත්තේ, ප්‍රංශ ජාතික ඇලෙයින් ඇස්පෙක්ට්, අමෙරිකානු ජාතික ජෝන් ක්ලවුසර් සහ ඔස්ට්‍රියානු ජාතික ඇන්ටොන් සෙලින්ගර් යන විද්‍යාඥයන් තිදෙනායි.

    මෙම විද්‍යාඥයන් තිදෙනා වෙන් වෙන් වශයෙන් “ක්වොන්ටම් තාක්ෂණය” සම්බන්ධයෙන් ‍කළ සොයා ගැනීම් මෙවර ඇගයීමට ලක් කරන බව, නොබෙල් කමිටුව පැහැදිලි කළා.

    භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් ලෙස සැලකෙන ක්වොන්ටම් තාක්ෂණය පිළිබඳ මෙම විද්‍යාඥයන් තිදෙනා කළ නව සොයා ගැනීම් ක්ෂේත්‍ර රැසක ප්‍රගමනයට උපකාර වනු ඇති. ඔවුන්ට නොබෙල් පදක්කම්වලට අමතරව ස්වීඩන ක්‍රවුන් මිලියන 10 ක තෑගි මුදලක් ද හිමිව තිබෙනවා.

    Last modified on බදාදා, 05 ඔක්තෝබර් 2022 10:34

    Latest News