ඉන්දියාව අඟහරු වෙත යැවූ යානයේ මෙහෙයුම් අවසන් කරයි

ඔක් 04, 2022

    ඉන්දියාව අඟහරු ගවේෂණයට යැවූ පළමු ‍රොබෝ යානයේ මෙහෙයුම් අවසන් කර තිබෙනවා.

    එරට මාධ්‍ය වාර්තා කළේ, ඉන්ධන අවසන් වීම සහ යානයේ ආයු කාලය අවසන් වී එය අක්‍රීය වීම මෙහෙයුම් අවසන් කිරීමට හේතුව බවයි.

    ඉන්දීය අභ්‍යවකාශ පර්‍යේෂණ ඒජන්සිය මේ පිළිබඳ නිවේදනය කළා. "මංගල්‍යාන්" නැමති මෙම රොබෝ යානය ඉන්දියාව විසින් අඟහරු බලා පිටත් කර හැරියේ 2013 වසරේ දී. යානය 2014 සැප්තැම්බර් 24 වැනිදා ‍අඟහරු ග්‍රහයාගේ කක්ෂයට ඇතුළු වුණා. අඟහරු කක්ෂයේ යානය රැඳවීමට හැකි වීමම ඉන්දියාව ලැබූ විශාල ජයග්‍රහණයක්. අඟහරු ග්‍රහයාගේ කක්ෂයේ රැඳී සිටිමින් එහි වායු ගෝලය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට "මංගල්‍යාන්" සමත් වුණා.

    Latest News