චෙච්නියානු නායකයාගේ පුතුන් යුක්‍රේන සටන් බිමට

ඔක් 04, 2022

    ‍‍රුසියාවට අයත්ව පවතින චෙච්නියානු කලාපයේ නායක, රම්සාන් කඩ්රෝව් සිය පුතුන් තිදෙනාව යුක්‍රේන සටන් බිමට යැවීමට තීරණය කර තිබෙනවා.

    චෙච්නියානු නායකයා, රුසියාවට අතිශය හිතවත් වන අතර, ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ද, සමීපතම මිතුරෙක්.

    රුසියාව ආක්‍රමණය කළ අවස්ථාවේ දී රම්සාන් කඩ්රෝව් සිය පෞද්ගලික හමුදාව සමග යුද බිමට ‍පිවිසියා. මේ වන විට සිය පුතුන් තිදෙනා යුක්‍රේනයට එරෙහිව සටන් වැදීමට යොමු කිරීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක් වූ පුවතක්. ඔවුන්, ඊට සූදානම් වන ආකාරය හා යුදමය කටයුතුවල යෙදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා. රම්සාන් කඩ්රෝව්ගේ පුතුන් තිදෙනා වන්නේ, 16 හැවිරිදි අක්මාත්, 15 හැවිරිදි එළි සහ 14 හැවිරිදි ඇඩම් ය. මොවුන් තිදෙනාට ගිනි අවි පුහුණුවක් ලබා දී ඇති බවත්, යුද බිමේ ඉදිරි පෙළ සටන් සඳහා යොමු කරනු ඇති බවත්, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News